විමලසුරේන්ද්ර ජලාශය නැවතත් වාන් දමයි
25 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
විමලසුරේන්ද්ර ජලාශය නැවතත් වාන් දමයි
25 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශයන්ට විටින් විට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් විදුලිපුර විමලසුරේන්ද්ර ජලාශය නැවතත් වාන් දැමිම ආරම්භවි ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්රදේශයන්ට විටින් විට පවතින දැඩි වැසි තත්වයන් මත විමලසුරේන්ද්ර ජලාශය මේ වන විට වාන් දැමිම ආරම්භවි ඇති බවත්ය.
එමෙන්ම පවතින මෙම වැසි තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 6යි අගල් 10ක්ද කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 04යි අගල් 08ක් පහලින්ද පවතින බවත්ය.
මෙම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා විමලසුරේන්ද්ර, කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය,බ්රොඩ්ලන්ඩ් යන ජල විදුලිබලාගාර වෙත උපරිම අයුරින් බේදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කළේය .

