brand logo
logo
කොළඹ - නුවර මාර්ගයේ ගනේතැන්න කඩුගන්නාව අතර කොටස හෙට උදෑසන 6 දක්වා වසා තැබෙයි

කොළඹ - නුවර මාර්ගයේ ගනේතැන්න කඩුගන්නාව අතර කොටස හෙට උදෑසන 6 දක්වා වසා තැබෙයි

10 November 2026

කඩුගන්නාව මාර්ගයේ ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගය හෙට (11) උදෑසන 6.00 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.


මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවය.


ඒ අනුව මෙම මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා රියදුරන් වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.


අද (10) පස්වරුවේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීම් වාර්තා විය.

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වන අතර මෙම ගල් පෙරළීම් හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකටද හානි සිදුවිය.


ඒ අනුව පවතින තත්ත්වය මත ආරක්ෂාකාරී පියවරක් ලෙස මෙම මාර්ගය කඩුගන්නාව - ගනේතැන්න අතර කොටස වසා දැමීමටද පොලිසිය පියවර ගනු ලැබීය.

 

More News..