කිසිදු හේතුවක් මත ජාතික මැතිවරණ කල් දමන්නේ නැහැ - ජනපති කියයි
06 September 2026
කිසිදු හේතුවක් මත ජාතික මැතිවරණ කල් දමන්නේ නැහැ - ජනපති කියයි
06 September 2026
කිසිදු හේතුවක් මත ජාතික මැතිවරණ කල් නොදමා නියමිත පරිදි පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
බුලත්සිංහල ප්‍රදේශයේ අද (06) පැවැති ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
විපක්ෂයේ ඇතැම් පිරිස් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දමමින් ජනාමත විචාරණයකට සූදානම් වන බවට සිදු කළ ප්‍රකාශවලට පිළිතුරක් ලෙසට ඒ මහතා මේ බව කීය.
ජනමත විචාරණයකදී ජනතාවගේ මතය පිල් දෙකකට බෙදුණ ද ජනාධිපතිවරණයේදී එය තවත් කිහිපයකට බෙදෙනු ඇත.
එහි වාසිය ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධාව ඉවත්වූ වහාම එය පවත්වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
"සමහර අය කියනවා, අපි ලෑස්ති වෙන්නේ ජනාධිපති ඡන්දය කල් දාන්නලු. ජනමත විචාරණයක් තියෙන්න යනවාලු. දේශපාලන තර්ක ඥානය ගැන කිසිම අදහසක් නැති අය. ජනමත විචාරණයක් අරන් ආවොත්, දෙකට බෙදෙනවා. කළයයි, ලාම්පුවයි. ජනාධිපතිවරණයක් අරන් ආවොත්, හතර පහට බෙදෙනවා. එහෙම තියෙද්දී අපි ජනාධිපතිවරණය ගේනවා ද?
දේශපාලනය ගැන පොඩි විඥානයක් තියෙන අය දන්නවා. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණ ගේන්නේ නැහැ. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණයක් අරන් ආවොත් මොකද වෙන්නේ? ඡන්දය කල් දාන්න එපා. ඡන්දය කල් දාන්න කියලා පෙරමුණු දෙකක් හැදෙනවා. නයි, පොළගු, මුගටි සේරම නගිනවා ඡන්දය කල් දාන්න එපා කියන තැනට. හැබැයි ජනාධිපතිවරයක් ආවොත්, එහෙම එකතු වෙන්න බැහැ. හැමෝම ඔටුන්න බලාගෙන ඉන්නේ. නියමිත පරිදි මහමැතිවරණය ජනාධිපතිවරණය පවත්වනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි ජනතාවට බය වෙන්න ඕනේ ද? අපි ජනතාව ළගට එනවා."

