තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුම අත්සන් කෙරේ
22 November 2026
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුම අත්සන් කෙරේ
22 November 2026
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම් ගිවිසුමකට අත්සන් තබා තිබේ.
එය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
මෙරට නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික සබඳතා මෙම සංචාරය තුළින් පිළිබිඹු වන අතර, දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා, කෘෂිකර්මාන්තය යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද මෙමඟින් නව අවස්ථා උදා වනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


