පළාත් 7කට අකුණු අනතුරු ඇඟවීම්
21 October 2026
පළාත් 7කට අකුණු අනතුරු ඇඟවීම්
21 October 2026
දිවයිනේ පළාත් 7ක් සඳහා ප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය මධ්යම, සබරගමුව, උතුරු, උතුරු - මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා වලංගු වෙයි.
ඒ අනුව, මධ්යම, සබරගමුව, උතුරු, උතුරු - මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිතවැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
අද (21) පෙ.ව. 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.30 දක්වා වලංගු වෙයි.

