brand logo
logo
වැලිබල් ‍ෆිනෑන්ස් නව කොටස් නිකුත් කිරීමෙන් රු. බිලියන 2.12ක මුදලක් එක් රැස්කර ගැනීමේ අපේක්ෂාවක

වැලිබල් ‍ෆිනෑන්ස් නව කොටස් නිකුත් කිරීමෙන් රු. බිලියන 2.12ක මුදලක් එක් රැස්කර ගැනීමේ අපේක්ෂාවක

30 March 2026

වැලිබල් ‍ෆිනෑන්ස් පීඑල්හී සිය නව කොටස් නිකුත් කිරීම තුළින් රු. බිලියන 2.12 ක පමණ මුදලක් එක් රැස් කර ගැනීමට අපේක්ෂා කරන බව නිවේදනය කරයි. 


 මෙම උපායමාර්ගික ක්‍රියා මාර්ගය ඔස්සේ සමාගමේ පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කර ගැනීමට වගේම ඊළඟ අදියර ශක්තිමත් සහ ප්‍රසාරණය කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය පදනම සැකසීමට ද අපේක්ෂා කෙරේ.



මෙි පිළිබදව දැනුවත් කිරීමෙි මාධ්‍ය හමුවවක් පසුගියදා කොළඹ වැලිබල් ෆිනැන්ස් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ආයතන කළමනාකරන අධ්‍යක්ෂ S.B රන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.


2026 ජනවාරි මස 09 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව සම්මත කර ඇති අතර, එහිදී සාමාන්‍ය කොටස් 29,431,675 ක ප්‍රමාණයක් එක් කොටසක මිල රු 72 ක මිලකට යටත්ව නිකුත් කිරීමට නියමිතය. මෙම නව අයිතිකාරක කොටස් නිකුතු වර්තමානයේ ආයතනික කොටස් වලට හිමිකම් කියන්නන් අතර සමානුපාතික අයුරින් ලබා දෙනු ලබන අතර, එහිදී එක් අයිතිකාරක කොටස් අටකට නව කොටස් එකක් ලබා ගැනීමේ අයිතිය ඔවුන් හට හිමිවේ. මෙම ක්‍රමවේදය තුළින් වර්තමාන කොටස් හිමිකරුවන් හට නව කොටස් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය හිමිවන අතර, මෙමඟින් ඔවුන් හට සමානුපාතික හිමිකම් පවත්වා ගැනීමටත්, සමාගමේ ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීමට දායක වීමටත් හැකියාව ලැබේ.

 

More News..