brand logo
logo
නාමල් අද පාර්ලිමේන්තු එයි

නාමල් අද පාර්ලිමේන්තු එයි

08 September 2026 | ගයාත්‍රී ගීගනආරච්චි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් මගින් දන්වා යවා ඇත.


නාමල් අද තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීරගෙන් ඊයේ (07 වැනිදා) ලිඛිතව ඉල්ලීමක් කළේය.


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කථානායකවරයා වෙතද ලිපියක් යොමු කර තිබිණි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය හරහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙතද මෙම ලිපිය යොමු කර තිබිණි.


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පවතින සම්ප්‍රදායට අනුව ඊට අදාළව ඉදිරි පියවර ගැනීමට නියමිතව ඇති අතර ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා අද (08) දිනයේදී පාර්ලිමේන්තු සභා වාරයට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

 

More News..