මහ පාරේ හරියට යන අයට සම්මාන
08 September 2026
මහ පාරේ හරියට යන අයට සම්මාන
08 September 2026
මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල - 2026ක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025-2026 යටතේ හඳුනා ගත් ව්‍යාපෘතියක් වන 'මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල 2026' ජාතික මට්ටමින් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. එම ජනාධිපති සම්මාන උළෙල පැවැත්වීම මඟින් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලයන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සංවිධාන සහ අනෙකුත් පාර්ශ්ව දක්වන සුවිශේෂී දායකත්වයන් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීමට මෙන්ම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ අවධානය, වගකීම් සහගත හැසිරීම සහ මහජන සහභාගිත්වය තව දුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
මෙම වසරේ පැවැත්වීමට නියමිත සමාරම්භක සම්මාන උළෙලෙහි අත්දැකීම් සහ ප්‍රතිඵල මත පදනම්ව නොවැම්බර් මස 03 වන ඉරිදාට යෙදෙන මාර්ග අනතුරු වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව එකී උළෙල ඉදිරියේදී සෑම වර්ෂයකම පැවැත්වීමට කටයුතු කරනු ඇත.
ඒ අනුව, 'මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල - 2026' ජාතික මට්ටමින් පැවැත්වීමටත්, එහිදී තෝරා ගනු ලබන සම්මාන ලාභීන් වෙත කුසලතා සම්මාන සහ ජනාධිපති සම්මාන පිරිනැමීමටත් ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

