කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් විවෘත කරන්නේ නැහැ – ඉරානය
21 October 2026
කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් විවෘත කරන්නේ නැහැ – ඉරානය
21 October 2026
හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි අමෙරිකාව පිළිගන්නා තෙක් එය විවෘත නොකරන බව ඉරානය යළි අවධාරණය කර තිබේ.
ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි මේ බව ප්රකාශ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
විදෙස් මාධ්ය සඳහන් කළේ, ඉරාන නායකත්වයේ තීරණ ගැනීමේ ක්රියාවලියට ආගමික විශ්වාසයන් දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
මේ අතර, හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා පාකිස්තානය සහ කටාර් රාජ්යයන් හරහා අඛණ්ඩව පැවැත්වෙමින් තිබේ.

