වී මිලදී ගැනීමේ වංචා දූෂණ තිබෙනම් වහාම දැනුම් දෙන්න
06 October 2026 | කමල් සුරවීර
වී මිලදී ගැනීමේ වංචා දූෂණ තිබෙනම් වහාම දැනුම් දෙන්න
06 October 2026 | කමල් සුරවීර
රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන තුළ යම් වංචාකාරී ක්‍රියා සිදුවන බවට තොරතුරු ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහාම පැමිණිලි කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මිනිපේ මහා වාර් ව්‍යාපාරයේ වගා කටයුතු සිදු කරන ගොවියන්ට දැනුම් දුන්නේය.
රජය මැදිහත්වී වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන අතර ඇතැම් විට වී මොල් හිමියන්, නිලධාරීන් හෝ ගොවියන් එහිදී වංචා සදහා සදහා යොමුවිය හැකි යැයි දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
පරණ වී අලෙවි කිරීම, වී අලෙවි කරන බව පෙන්වා මුදල් ලබා ගැනීම ඇතුලු වංචනික ක්‍රියා සිදුවිය හැකි බැවින් වී මිලදී ගැනීමේ වැඩසටහන විනිවිද භාවයෙන් යුක්ත විය යුතු යැයි මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (05) දින පැවැති මිනිපේ කන්න රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසිය.
ගොවින්ට පොහොර සහනාධාර ඇතුලු පහසුකම් රජය මගින් ලබා දෙන බව කී මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා අවසානයේදී ගොවියන්ගේ අස්වනු පවා රජය මගින් මිලදී ගනිමින් ගොවියා සුරක්ෂිත කරන බවත් ඒවැනි ජාතික වැඩසටහනක් තුළදී කිසිදු චංචාකාරි සිදුවීමකට ඉඩ නොතැබිය යුතු යැයි ද පැවසුවේය.

