brand logo
logo
ශ්‍රවණාබාධිත ප්‍රජාවට වීඩියෝ මගින් පොලිස් පැමිණිලි දාන්න වැඩපිළිවෙළක්

ශ්‍රවණාබාධිත ප්‍රජාවට වීඩියෝ මගින් පොලිස් පැමිණිලි දාන්න වැඩපිළිවෙළක්

09 September 2026 | අනීෂා මානගේ

ශ්‍රවණාබාධිත ප්‍රජාව වෙනුවෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට වීඩියෝ ඇමතුම් මගින් පැමිණිලි කිරීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.


ඉකුත් 3 වැනිදාට යෙදී තිබූ 160 වැනි පොලිස් දිනයට සමගාමීව ශ්‍රවණාබාධිත ප්‍රජාව සඳහා වන අයිතිවාසිකම් සුරැකීමේ සහ පහසුකම් පුළුල් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.


එමගින් 119 හදිසි ඇමැතුම් අංකයට වට්ස්ඇප් ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ ව්‍යාපෘතියක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය මෙම මස 10 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර එම පැමිණිලි ඉදිරිපත් කිරීමට කෙටි දුරකථන අංකයක් හඳුන්වාදෙනතුරු අනුගමනය කළ යුතු පියවර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.


ඒ අනුව පළමුව 0112809980 දුරකථන අංකය තමාගේ දුරකථනයේ සුරැකිය (Save) යුතු අතර ඉන් අනතුරුව වට්ස්ඇප් මගින් එම අංකයට දුරකථන ඇමතුමක් ලබාගත යුතුය. එවිට දුරකථන ඇමතුම විසන්ධි වී යාමෙන් පසුව ලින්ක් එකක් ලැබෙන අතර ඒ හරහා නැවත වට්ස්ඇප් වෙත පිවිසිය හැකිය. ඉන් අනතුරුව ‘Join Browser’ ක්ලික් කර ‘Join Meeting’ වෙත පිවිස වීඩියෝ ඇමතුම සමග සම්බන්ධ වී පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

 

More News..