මෝටර් රථයක් දුම්රියේ ගැටී දැරියක් ජීවිතක්ෂයට
27 August 2026
මෝටර් රථයක් දුම්රියේ ගැටී දැරියක් ජීවිතක්ෂයට
27 August 2026
කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් මෝටර් රථයේ ගමන්කළ 17 හැවිරිදි සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි දැරියක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් තවත් අවුරුදු 9ක හා 16ක දැරියක් සහ දරුවෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කළ ඇත.
ඔවුන් එකම පවුලේ සහෝදර සහෝදරියන් බව පොලීසිය පැවසීය.
අනතුරින් මෝටර් රථය පැදවූ පියාට සහ එහි ගමන් කළ මවට අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කළේය.

