නන්දා මාලනියගේ අවසන් කටයුතු අද
22 August 2026
නන්දා මාලනියගේ අවසන් කටයුතු අද
22 August 2026
ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
ඊයේ (21) පෙරවරු 10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ දී නන්දා මාලනියගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.
එමෙන්ම ඇගේ අවසන් කැමැත්තට ගරු කරමින්, නිල හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව අද පස්වරු 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදි අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
මේ අතර නන්දා මාලනීයගේ අභාවය හේතුවෙන් ඊයේ (21), අද (22) සහ හෙට (23) යන තෙදින ජාතික ශෝක දින ලෙස රජය නම් කර තිබේ.

