brand logo
logo
මහියංගනයේදී බස් රථයක් හා ලොරි රථයක් අනතුරක

මහියංගනයේදී බස් රථයක් හා ලොරි රථයක් අනතුරක

08 November 2026



අද (08) සවස මහියංගණය, ආදාඋල්පත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ලොරි රථයක් අනතුරකට ලක්ව තිබේ.


කොළඹ සිට කල්මුණේ දක්වා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමට ගොස් අනූනවයෙන් බේරී තිබේ.


කෙසේ වෙතත්, අනතුරින් බස් රථයට සහ ලොරි රථයට හානි සිදුව ඇති අතර, බස් රථයේ ගමන් ගත් කිසිදු මගියෙකුට තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රිදීමාලියද්ද පොලීසිය විසින් සිදුකරනු ලබයි.

 

More News..