brand logo
logo
නේපාල ජලගැලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 600 ඉක්මවයි

නේපාල ජලගැලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 600 ඉක්මවයි

29 August 2026

හිමාල කඳුවැටියේ ග්ලැසියරයක කොටසක් කඩාවැටීම හේතුවෙන් නේපාලයේ සිදුවූ අනපේක්ෂිත ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 626ක් දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය තහවුරු කළේය.


මෙම හදිසි ව්‍යසනයත් සමග අවම වශයෙන් පුද්ගලයින් 1,924 දෙනෙකු තවමත් අතුරුදහන් බව එරට ආපදා කළමනාකරණ අධිකාරිය වැඩිදුරටත් වාර්තා කර ඇත.


මේ අතර විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහාය ලබානොගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට නේපාලය තීරණය කර තිබේ.


ආපදාවට ලක්වූවන් ගලවාගැනීමේ කටයුතු තමා විසින්ම සම්බන්ධීකරණය කරන බවත්, විදේශීය ගලවාගැනීමේ කණ්ඩායම්වල සහාය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය මුලින් ප්‍රකාශ කර තිබුණි.


කෙසේ වෙතත්, ජලගැලීමෙන් අතුරුදහන් වූ පිරිස අතර විදේශිකයන් ද සිටීම හේතුවෙන් අදාළ රටවලින් එල්ල වූ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් හමුවේ එම තීරණය වෙනස් කිරීමට නේපාල රජයට සිදුව තිබේ.


ඒ අනුව, උමං මාර්ගවල සිරවී සිටින පිරිස් මුදාගැනීමේ සංකීර්ණ මෙහෙයුම් සඳහා මෙන්ම මළ සිරුරු හඳුනාගැනීමේ තාක්ෂණික කටයුතු සඳහා ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම්වලට නේපාල බලධාරීන් මේ වන විට අවසර ලබාදී ඇත.

 

More News..