brand logo
logo
ඉන්දීය ධීවරයින් 07ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 07ක් නාවික හමුදා භාරයට

01 November 2026


තලෙයිමන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ.


උතුරු මැද නාවික විධානය මගින් සිදුකළ නිරීක්ෂණයකදී, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නිරීක්ෂණය වී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම ධීවරයින් සහ යාත්‍රාව සොයා ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මෙම පිරිස තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

 

 

More News..