brand logo
logo
එංගලන්තය පරාජය කළ පාකිස්ථානයට ජය

එංගලන්තය පරාජය කළ පාකිස්ථානයට ජය

25 October 2026

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය ​සමග අද (25) පැවැති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමත් විය.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 241ක් පමණී.


එංගලන්ත පිල වෙනුවෙන් බෙන් ඩකට් ලකුණු 105ක් රැස්කර ගැනීමට සමත් විය.


අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවකදී කඩුලු 9ක් දැවී ලකුණු 243ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.


ෂදාබ් ඛාන් නොදැවී ලකුණු 113ක් රැස්කර ගත්තේය.


ඒ අනුව මෙම තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තරග තුනම පරාජයට පත්වීමට එංගලන්ත කණ්ඩායමට සිදුවිය.

 

More News..