ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එන නව පනතට කැබිනට් අනුමැතිය
18 August 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එන නව පනතට කැබිනට් අනුමැතිය
18 August 2026
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි, නව නීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
පවතින පනතේ අඩුපාඩු මගහරවා ගැනීම සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීමට තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබූ අතර, එම මූලික කෙටුම්පත පදනම් කරගනිමින් නව පනතක් හැඳින්වීමට 2026 අගෝස්තු 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණි.
නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපති නිෂ්කාශනය ලැබී ඇත.
මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නියමිතය.

