brand logo
logo
ඉන්දීය විදේශ ලේකම් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

05 August 2026

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා ඇතුළු දූත පිරිස අද (05) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ අතර, එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි.


මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් අධ්‍යාපනය සහ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළ අතර, උසස් අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පර්යේෂණ සහ අධ්‍යයන සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහිද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.


තවද වෙළෙඳ, ආර්ථික, සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව සහ ජනතා සබඳතා වර්ධනය කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා වූ මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ප්‍රසන්න ශ්‍රීවාස්තව, නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රෙයි කුල්කර්ණි ඇතුළු ඉන්දීය දූත පිරිස මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

 

More News..