උගුරේ ගලක් හිරවී දින 10 ක බිළිදු දැරියක් මියයයි
27 September 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
උගුරේ ගලක් හිරවී දින 10 ක බිළිදු දැරියක් මියයයි
27 September 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
උගුරේ ගලක් හිරවී ලේගලමින් සිටි දින 10 ක බිළිදු දැරියක් බදුල්ල මහරෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි.
මව විසින් දැරිය නාවා ඇදමත තබා එළියට ගිය අවස්ථාවේ මේ සිද්ධියට දැරිය මුහුණපා ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
උගුරෙන් ලේ ගලමින් සිටි දැරිය වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහා රෝහලට යවා ඇති අතර එහිදි සැත්කමක් මගින් උගුරේ හිටවූ තිබූ ගල ඉවත් කර තිබේ.
කෙසේ නමුත් දරුවා මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම දැරියගේ මව මානසික රෝගයකින් පෙලෙන අතර ඇයද රෝහල් ගත කර ඇති බවත් මරණය පිළිබදව අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයාගේ නියෝගය මත හදිසි මරණ පරීක්ෂණයකට ලක්කිරීමට නියෝග කර ඇති බවද පොලිසිය පවසයි.
හදිසි මරණ පරික්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

