brand logo
logo
කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

01 August 2026



කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) පෙ.ව. 7.30 ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. 


මෙම නිවේදනය අනිද්දා (03) පෙ.ව. 7.00 දක්වා වලංගු වන බව ද එහි සඳහන් වේ.  


ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.


පවතින කාලගුණ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී ද අධි තීව්රතාවයකින් යුත් වර්ෂාව ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යාමට ඉඩ තිබේ. 


එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව, ගංඟාව පරිහරණය කරන්නන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් මේ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී. 

 

More News..