නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළට
27 March 2026
නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළට
27 March 2026
ඉන්ධන ප්‍රවාහන කටයුතු හෙට (28) සිට යළිත් සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
ඒ, නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දුවීමත් සමඟය.
ටැංකි රථ හිමිකරුවන් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරින් සමඟ අද (27) පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.
එහිදී තම සංගමය විසින් යෝජනා හතරක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් ලබන අඟහරුවාදා (31) පැවැත්වෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා ප්‍රකාශ කළේය.

