brand logo
බුදුන්ට අපහස කළ දේවගැතිවරයා රට පනී

බුදුන්ට අපහස කළ දේවගැතිවරයා රට පනී

17 May 2023 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා

බුදුරජාණ්න වහන්සේට අපහස කරමින් ප්‍රකාශ කළැයි කියන ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා පෙරේදා(15) අලුයම සිංගප්පූරුව බලා පලාගොස් ඇතැයි ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කරයි.


සිංගප්පූරුව බලා යන SQ 469 ගුවන් යානයෙන් ගුවන් ගතවීම සඳහා ඔහු 14 වැනිදා රාත්‍රි 11.52ට ගුවන් යානයට ඇතුළු වී ඇති බවත් රාත්‍රි 12.50ට ලංකාවෙන් යානය පිටව ගොස් ඇති බවත් එම වාර්තා අනුව තහවුරු වේ. 


ජනපතිවරයා විසින් මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 15 වැනිදා දැනුම් දුන් අතර ඒ අනුව රටින් පිටවීමට නොහැකි ලෙස අධිකරණ නියෝගය ලබාගෙන ඇත. එම නියෝගය ලබාගන්නා විටත් ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා රටින් පලාගොස් තිබුණේය. 


බුදුන් වහන්සේට අපහාස කරමින් බෝනගේන් සභාවේ ප්‍රධානියා ලෙසින් කටුනායක, වේයන්ගොඩ පාර MIRACLE Dome නමැති ආයතනය මගින් ආගම් ප්‍රචාරය කිරීම මොහුට එල්ල වූ චෝදනාවය. මෙම ආගමික මධ්‍යස්ථානය තුළ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ නිකායක් වන ඩෝම් සභාව පවත්වාගෙන යන අතර ඩෝම් සභාවේ ප්‍රධානියා වන සිම්බාබ්වේ ජාතික Uedert Angel නමැති දේවගැතිවරයාද මෙරටට ගෙන්වූයේ අදාළ ගොඩනැගිල්ලට මුල්ගල තැබීමටය. ඇමරිකන් ඩොලර් මිලියන නවයක් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට වෙන් කර තිබිණි. 


යළි ඉපදීම ගැන ජනගත කරමින් බෝනගේන් කණ්ඩායම කළ අන්තවාදය වැපිරවීම හමුවේ රටේ නමගිය ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩා නියෝජිතයන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු ව්‍යාපාරික පැලැන්තියක් මෙම ආගමේ අන්තවාදී බැතිමතුන් බවට පත්ව ඇතැයි හෙළිවිය. දේවගැති ජෙරොම්ගේ ඩෝම් සභාවේ ප්‍රධානියාත් මුදල් විශුද්ධිකරණ ජාවාරමක නිරතවූ බව මීට පෙර විදෙස් මාධ්‍ය චෝදනා කළේය. සිංගප්පූරුවට පලාගිය දේවගැති ජෙරොම් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමග සාකච්ඡා කරන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අරුණට පැවැසීය.

 

More News..