එල්-නීනෝ තත්ත්වය හමුවේ ත්‍රිකුණාමලයේ ආපදා පූර්ව සූදානම ගැන විශේෂ සාකච්ඡාවක්
30 September 2026 | අමදෝරැ අමරජීව - ත්‍රිකුණාමලය
එල්-නීනෝ තත්ත්වය හමුවේ ත්‍රිකුණාමලයේ ආපදා පූර්ව සූදානම ගැන විශේෂ සාකච්ඡාවක්
30 September 2026 | අමදෝරැ අමරජීව - ත්‍රිකුණාමලය
කාලගුණ අනාවැකි අනුව දැනට පවතින එල්-නීනෝ බලපෑමත් සමඟ ඔක්කොම්බර් නොවැම්බර් මාසවල අධික වර්ෂාවක් ඇති විය හැකි බැවින් ගංවතුර අවධානමට පූර්ව සූදානම් වීම සඳහා සියලු ආයතන එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ඊයේ (29) ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේදී දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර පැවසිය.
මෙම රැස්වීම ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර ගොවීන් සඳහා ජලය නිකුත් කිරීම ඔක්තෝම්බර් 25 වෙනිදා සිට සිදුවෙනවා, වගා ආරම්භ කිරීමට පෙර සියලුම වගා රක්ෂණය කිරීමට ගොවින් දැනුවත් කළ යුතු බව ඉදිරියේදී සිදුවේ යැයි පැවසිය.
අනාවැකි පළවී ඇති ආපදා තත්වයන්වලදී ද වගා හානි වන්දි ගෙවීමට මෙහිදී පහසුවක් වෙනවා යැයි කීහ.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා ගංවතුර අවදානම් සහිත වෙරුගල්, සේරුවිල, මූතූර්, කන්තලේ ප්‍රදේශවල වැසි ජලය ගලා යෑමට කාණු පද්ධති නිසි පරිදි කළමනාකරණය කිරීම සහ ප්‍රතිසංස්කරණය මෙන්ම නැවතත් ගංවතුර අවදානමක් ඇති නොවන පරිදි ස්ථිර විසඳුමක් ලබාදීමට නිලධාරීන් දැනුවත් කරමින් එයට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස අවධාරණය කළේය.
මෙහිදී පවතින එල්-නිනෝ තත්ත්වය යටතේ ඉදිරි කාලයේදී ඇතිවේ යැයි අපේක්ෂා කරන අධික වර්ෂාව හේතුවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතිවිය හැකි ආපදා තත්ත්වය පිලිබඳව අදාල ආයතන සමඟ සාකච්ඡා කිරීම සිදුවිය.

