brand logo
logo
නාමල් රාජපක්ෂ නොවැම්බර් 19 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

නාමල් රාජපක්ෂ නොවැම්බර් 19 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

28 October 2026


එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නොවැම්බර් මස 19 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියම කළේය.


සැකකාර නාමල් රාජපක්ෂ මහතාව අද දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරනු ලැබීය.


ඉන් අනතුරුව අදාළ නඩුකරය නොවැම්බර් මස 19 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඬුල්ල එදින නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාරයේ මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.


 

More News..