brand logo
logo
ඕස්ට්‍රේලියාවේ අවු. 16ට අඩු පිරිසට සමාජ මාධ්‍ය තහනම්

ඕස්ට්‍රේලියාවේ අවු. 16ට අඩු පිරිසට සමාජ මාධ්‍ය තහනම්

20 November 2025

ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වීමට නියමිත වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය තහනමට පෙර එම වයස් වල පරිශිලකයින්ගේ සමාජ ගිණුම් වසා දැමීට Instagram, Facebook සහ Threads යන සමාජ මාධ්‍ය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.


මෙම සමාජ මාධ්‍ය නාම තුනම හිමි Meta සමාගම විසින්, වයස අවුරුදු 13ත් 15ත් අතර යැයි විශ්වාස කරන පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් දෙසැම්බර් 4 වන දින සිට අක්‍රිය කිරීම ආරම්භ කරන බවට කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල සහ යෙදුම තුළ පණිවිඩ මගින් දැනුම් දීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.


ඕස්ට්‍රේලියාවේ තහනම දෙසැම්බර් 10 වන දින සිට බලාත්මක වීමට නියමිතව ඇත.


එය TikTok, YouTube, X සහ Reddit ඇතුළු වේදිකා ගණනාවකට බලපාන බවද සඳහන් වේ.


"ලෝක ප්‍රමුඛ" තහනම "ළමයින්ට ළමයින් වීමට ඉඩ දීම" අරමුණු කරගත් බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය.




 

More News..