Best News Website award
brand logo
logo
 කම්බි මද්දකට හසුවූ කඳුකර කොටියෙකු  මුදාගනී

කම්බි මද්දකට හසුවූ කඳුකර කොටියෙකු මුදාගනී

12 November 2026


නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ආතඩිය වතුයායේ අටවා තිබූ කම්බි මද්දකට හොදින් වැඩුණු කදුකර කොටියෙකු අද (12) හසු වී සිටි අතර රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය ඇතුලු වන ජීවි නිළධාරින් එම කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට සමත්විය.


මද්දට හසු වී දැඩි ලෙස උදරය තුවාල ලබා සිටි කදුකර කොටියා හොදින් වැඩුණු පිරිමි සතෙකු බවයි වන ජීවි නිළධාරින් කියා සිටියේ.


තුවාල ලබා සිටි කදුකර කොටියා ප්‍රතිකාර ලබා දීම සදහා වන ජීවි නිළධාරින් විසින් රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යනු ලැබූහ.


තේ වත්තේ ඇළ මාර්ගයක් අසළ පදුරක බැද තිබූ මද්දකට කදුකර කොටියාගේ උදර ප්‍රදේශය හසු වී ඇති බවත්, මන්දට හසු වූ කදුකර කොටියා ඉන් බේරි යැමට උත්සහ කිරිම හමුවේ මන්දට හසු වු කදුකර කොටියාගේ උදරයට දැඩි තුවාල වී තිබු බව නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිළධාරින් කියා සිටියහ.

 

More News..