ලෝක ආර්ථිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්
15 April 2026
ලෝක ආර්ථිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්
15 April 2026
මැදපෙරදිග යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඒ හේතුවෙන් ගෝලීය ආර්ථික අවධමනයක් සහ ආර්ථික වර්ධනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව එම අරමුදල පෙන්වා දෙයි.
මෙම යුද්ධය පවතින කාලය සහ විෂය පථය සීමිත බවට උපකල්පනය කළ ද 2026 වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.1ක් දක්වා ද 2027 වසරේදී සියයට 3.2ක් දක්වා ද මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ගෝලීය උද්ධමනය 2026 වසරේදී සුළු වශයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, 2027 වසරේදී එය නැවත පහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

