හොන්ඩුරාස්හි බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 09 දෙනෙකු මරුට – 28කට තුවාල
29 November 2026
හොන්ඩුරාස්හි බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 09 දෙනෙකු මරුට – 28කට තුවාල
29 November 2026
මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර අදාළ බස් රථයේ රියදුරු, කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටින බව සඳහන් වේ.
හොන්ඩුරාස්හි අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය මීටර් 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටී ඇති බව වාර්තා වේ. අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


