brand logo
logo
ළමා දිනය දවසේ පාසල් සිසුන්ට මදන මොදක විකුණු කාන්තාවක් අත්අඩංගුවට

ළමා දිනය දවසේ පාසල් සිසුන්ට මදන මොදක විකුණු කාන්තාවක් අත්අඩංගුවට

04 October 2026 | කුමා රණසිංහ


ලෝක ළමා දිනය යෙදී තිබූ ඉකුත් ඔක්තෝබර් 01 වනදා පාසලේ සිසුන් පිරිසකට මදන මෝදක අලෙවි කළ බව කියන, පාසල ආසන්නයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන 62 හැවිරිදි කාන්තාවක මදන මෝදක ගුලි 20ක් ද සමඟ ගිරිබාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පාසල් වේලාව තුළ පන්ති කාමරයේ සිටි සිසුන් කිහිපදෙනෙකු සතුව සැකකටයුතු ලෙස මදන මෝදක තිබෙනු පාසල් බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති අතර, පසුව එම සිසුන්ගෙන් සිදුකරන ලද විමසීම්වලදී අනාවරණය වී ඇත්තේ පාසල ආසන්නයේ පිහිටි අදාළ වෙළෙඳසැලෙන් ඒවා මිලදී ගත් බවයි.


ඒ අනුව වහා ක‍්‍රියාත්මක වූ පාසල් බලධාරීන් මේ පිළිබඳව ගිරිබාව පොලිස් ස්ථානය වෙත තොරතුරු ලබාදීමට පියවර ගෙන ඇත.


ලද තොරතුරට අනුව වහා ක‍්‍රියාත්මක වූ ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වෙළෙඳසැල ක්ෂණික පරීක්ෂාවකට ලක්කර ඇති අතර, එහිදී අලෙවි කිරීම සඳහා සඟවා තබාගෙන සිටි මදන මෝදක ගුලි 20ක් සොයාගැනීමට සමත්ව තිබේ. 


අත්අඩංගුවට ගත් 62 හැවිරිදි සැකකාර කාන්තාව අද දින ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගිරිබාව පොලිසිය කටයුතු කර ඇත.


 

More News..