මධ්‍යම කඳුකරයට තද වැසි
20 September 2026 | මනුර සුදත් සෙල්ලහේවා -හැටන්
මධ්‍යම කඳුකරයට තද වැසි
20 September 2026 | මනුර සුදත් සෙල්ලහේවා -හැටන්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (20) දින අලුයම් කාලයේ සිට දැඩි වර්ෂාවක් පවතින අතර, එම ප්‍රදේශයේ මාර්ග පද්ධති ලිස්සන සුලු තත්ත්වයට පත්වීමත් සමඟ විවිධ අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පවසා සිටියේ, මධ්‍යම කඳුකරයේ හැටන්, නෝර්වුඩ්, මස්කෙළිය, වටවල, කොටගල ආදී ප්‍රදේශවලට ඊයේ (19) දින අලුයම් කාලයේ සිට අධික වර්ෂාවක් පවතින බවත්, මෙම තත්ත්වය මත එම ප්‍රදේශයේ මාර්ග ලිස්සන සුලු තත්ත්වයට පත්ව ඇති බවත්ය.
මෙම ප්‍රදේශවලට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, එම තත්ත්වය මත මෙම ජලාශවල ජලය ජල විදුලිය නිපදවීම සඳහා අදාළ ජල විදුලි බලාගාර වෙත උපරිම ලෙස බෙදාහැරීමට පියවර ගන්නා බවත් එම ජලාශ භාර නිලධාරියකු පැවසීය.

