brand logo
logo
ලිංගාශ්‍රිත රෝගීන් දස දහස පනී

ලිංගාශ්‍රිත රෝගීන් දස දහස පනී

13 July 2026 | වරුණි පෙරමුණ


ඒඩ්ස් හැර ලිංගාශ්‍රිත රෝගීන් දසදහස ඉක්මවා මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. මෙම රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළය.


මෙම රෝගීන් අතර හර්පීස්, ගොනෝරියා, උපදංශය, ලිංගික ඉන්නන් ශරීරගතවූ රෝගීන් දසදහස් තිස් දෙදෙනකු වෙති.


මෙම දත්ත වාර්තාවලට අනුව හර්පීස් ශරිරගත වූ රෝගීන් දෙදහස් නවසිය විසි දෙනකු (2920), ලිංගික ඉන්නන් ශරීරගත වූ රෝගීන් දෙදහස් දෙසිය අසූහතර දෙනකු (2284), සිෆිලිස් රෝගින් එකදහස් දෙසිය අසූ නව දෙනකු (1289), ගොනෝරියා රෝගීන් හයසිය අනූ දෙදෙනකු (692) සහ වෙනත් ලිංගික රෝග ආසාදිතයන් දෙදහස් අටසිය හතළිස් හත් දෙනකු (2847) වාර්තා වෙයි.


එසේම පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ඒඩ්ස් රෝගීන් ද අටසිය හැත්තෑ හතර දෙනකු (874) වාර්තා වී ඇත.


ලිංගික ප්‍රදේශවල තුවාල, බිබිලි, ලිංගික අවයවවල ඇති වේදනා තත්ත්වයන්, ගැටිති වැනි රෝග ලක්ෂණ සහ දින තුනකට වඩා වැඩි කාලයක් උණ පවතී නම් කඩිනමින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් වෙයි.


අනාරක්ෂිත ලිංගික සබඳතාවල නිරතවන පුද්ගලයන් නිරතුරුව වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීමෙන් සහ නිසි ප්‍රතිකාර ලැබීමෙන් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.


මෙම පරීක්ෂණ සිදුකර ගැනීමට KNOW4SURE.LK වෙබ් අඩවියට පිවිසීමෙන්ද අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බව එම වැඩසටහන වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..