brand logo
logo
යුද හමුදා නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් කපලා

යුද හමුදා නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් කපලා

13 April 2023 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ත්‍රිවිධ හමුදාව සඳහා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් දසදහසේ උත්සව අත්තිකාරම් දීමනාව යුද හමුදා නිලධාරීන්ගෙන් පමණක් මෙවර කපා හැර ඇත.


වැටුපෙන් කැපී යන පරිදි ලබාදුන් මෙම උත්සව අත්තිකාරම් මුදල නාවික හමුදාවේ සියලුම නිලධාරීන්ට හා සෙසු නිලයන්ට ලබාදී ඇත.


ගුවන් හමුදාවේ සෙසු නිලයන්ට හා බලඝන නායක තනතුරෙන් පහළ කනිෂ්ඨ නිලධාරීන්ට මෙම අත්තිකාරම් මුදල දී තිබේ.


යුද හමුදාවේ සෙබළුන්ට මෙම අත්තිකාරම් මුදල ලබාදී ඇතත් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිසිවකුට එය ලබාදී නැත.


නිලධාරීන් හයදහස් පන්සියයක් පමණ යුද හමුදාවේ සිටින අතර අලුත් අවුරුදු අත්තිකාරම් නොලැබීමෙන් බහුතරයක් දැඩි අපහසුතාවට ලක්ව ඇත.

 

More News..