brand logo
logo
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක්

20 October 2026


පෘතුගාල ජාතික කණ්ඩායමෙන් හදිසියේ ඉවත්ව යාම හේතුවෙන් එරට පාපන්දු සම්මේලනය විසින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දින 30ක තරග තහනමක් සහ යුරෝ 255ක දඩ මුදලක් නියම කර තිබේ.


පසුගිය සැප්තැම්බර් මාසයේදී නෝර්වේ කණ්ඩායම සමඟ පැවති තරගයේදී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට නොලැබීම සහ ඔක්තෝබර් 01 වන දින ඩෙන්මාර්කය සමඟ පැවැත්වෙන තරගයේ ආරම්භක ක්‍රීඩකයින් අතරට තමා ඇතුළත් නොවන බව දැනගැනීමෙන් පසු 41 හැවැරිදි ක්‍රිස්ටියානෝ මෙම පියවර ගෙන ඇත.


පෘතුගාල පුහුණුකරු ජෝර්ජ් ජෙසස් (Jorge Jesus) තමාට දුන් පොරොන්දු දෙවරක්ම කඩ කළ බවත්, එය "ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් සහ විශ්වාසය පළුදු කිරීමක්" බවත් පවසමින් රරොනාල්ඩෝ දිගු ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.


මෙම තහනම ඩෙන්මාර්ක තරගය පැවති දින සිට ක්‍රියාත්මක වන අතර, මේ වන විටත් ඔහු දින 19ක තහනමක් අවසන් කර ඇති බැවින් ඉදිරියේදී ඔහුට කිසිදු පෘතුගාල තරගයක් අහිමි වන්නේ නැත.


පෘතුගාලය නොවැම්බර් 14 වන දින යළිත් ඩෙන්මාර්කය සමඟ ජාත්‍යන්තර ලීග් තරගයකට මුහුණ දීමට නියමිතය.


රොනාල්ඩෝ තම ප්‍රකාශය හරහා කණ්ඩායමේ සෝබාවට සහ රසිකයන්ගෙන් සමාව අයැද සිටීම මෙන්ම, ඔහුගේ ක්‍රීඩා දස්කම් සහ ජයග්‍රහණ සැලකිල්ලට ගනිමින් විනය කමිටුව මෙම ලිහිල් තීන්දුව ලබා දී තිබේ.


ප්‍රධාන පුහුණුකරු ජෝර්ජ් ජෙසස් රොනාල්ඩෝ සමඟ කිසිදු විශේෂ එකඟතාවක් ඇති කරගත් බවට චෝදනා ප්‍රතික්ෂේප කළද, කාරණය විසඳී අවසන් වූ පසු රොනාල්ඩෝට යළි කණ්ඩායමට එක්වීමට අවස්ථාව ඇති බව පවසා ඇත.


පෘතුගාල පාපන්දු සම්මේලනයේ සභාපති ද ප්‍රකාශ කර ඇත්තේ ගැටලුව විසඳුණු පසු රොනාල්ඩෝ යළි කණ්ඩායමට කැඳවීමට කටයුුතු කරන බවය.


සංඛ්‍යාලේඛනවලට අනුව, ලෝක වාර්තාවක් වන පෘතුගාලය වෙනුවෙන් තරග 234කට ක්‍රීඩා කරමින් ගෝල 146ක් ලබා ඇති රොනාල්ඩෝ, 2016 යුරෝ කුසලානය සහ ජාත්‍යන්තර ලීග් ශූරතා දිනා ගැනීමට එරටට දායක වී ඇත. 

 

More News..