'කුඩු අංජු'ගේ මත්ද්රව්ය බෙදාහරින්නා අයිස් ග්රෑම් 500ක් සමඟ අත්අඩංගුවට
24 October 2026
'කුඩු අංජු'ගේ මත්ද්රව්ය බෙදාහරින්නා අයිස් ග්රෑම් 500ක් සමඟ අත්අඩංගුවට
24 October 2026
විදෙස්ගතව සැඟව සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන 'කුඩු අංජු' නැමැත්තාගේ මත්ද්රව්ය බෙදාහරින පුද්ගලයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන මාතර, අකුරැස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 500කට අධික ප්රමාණයක් සොයාගත් බවද පොලිසිය පැවසීය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයාට මත්ද්රව්ය ප්රවාහනය කිරීම සඳහා එක් වරකට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් 'කුඩු අංජු' විසින් ලබාදෙන බවය.

