ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 24ක ජයක්
21 November 2026
ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 24ක ජයක්
21 November 2026
කටාර් හි පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) ශ්‍රී ලංකා A කණ්ඩායම සහ හොංකොං A කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 24කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වැසියෙ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක පවන් රත්නායක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 284ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව ලකුණු 265ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 260ක් පමණයි.
එම ලකුණු 260 තුළ කඩුලු 09ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා මෙම තරගාවලියේ සහභාගී වූ තරග දෙකම ජය ගත් අතර මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ තම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් විය.


