brand logo
logo
පාකිස්තානයේ ආරක්ෂක මුරපොළකට බෝම්බ ප්‍රහාරයක් - 15ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ ආරක්ෂක මුරපොළකට බෝම්බ ප්‍රහාරයක් - 15ක් ජීවිතක්ෂයට

24 July 2026

වයඹදිග පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමාව අසල පිහිටි ආරක්ෂක මුරපොළකට සන්නද්ධ කල්ලියක් විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙම ප්‍රහාරයෙන් පසුව හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සන්නද්ධ සාමාජිකයන් 12දෙනෙකු ද මරණයට පත්ව ඇති බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.

ප්‍රාදේශීය තලේබාන් සංවිධානය (TTP) මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, මේ සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු සම්බන්ධ වූ බව ඔවුන් පවසයි.

පාකිස්තානය චෝදනා කරන්නේ මෙම ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ සැඟවී සිටිමින් ප්‍රහාර සැලසුම් කරන බවය. 


කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙය පාකිස්තානයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් වන බවය.

 

More News..