දඹුල්ල සික්සර්ස් පරදවා කැන්ඩි රෝයල්ස් ජය ගනී
22 July 2026
දඹුල්ල සික්සර්ස් පරදවා කැන්ඩි රෝයල්ස් ජය ගනී
22 July 2026
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (21) රාත්‍රීයේ පැවැති තරගයෙන් ලකුණු 43ක් ජයක් ලැබීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 194ක් රැස්කර ගැනීමට සමත් විය.
කැන්ඩි පිල වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 51ක් රැස්කර ගත්තේය.
අනතුරුව පිටියට පැමිණි දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 151ක් පමණීයි.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සාහිබ්සාදා ෆර්හාන් ලකුණු 74ක් ලබාගැනීමට සමත් විය.
ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

