brand logo
logo
ඉන්දියාවේදී බන්ධනාගාරයෙන් පැනගිය ලාංකිකයා වාද්දුවේදී අත්අඩංගුවට

ඉන්දියාවේදී බන්ධනාගාරයෙන් පැනගිය ලාංකිකයා වාද්දුවේදී අත්අඩංගුවට

30 September 2026 | දර්ශාන් කානිල්-මොරටුව


ඉන්දියාවේ පොලිසිය මගින් හෙරොයින් 337 kg සමග අත්අඩංගුවට ගෙන එම බන්ධනාගාරයෙන් පැන ගොස් සිටි ලාංකිකයෙකුව ගල්කිස්ස කොට්ඨාශ අපරාද විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලීස් පරික්ෂක නිලන්ත ගමගේ වෙත ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇතැයි අද (30) ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්‌ශන කාර්යංශය පැවසීය.


කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිපලයක් ලෙස වාද්දුව ප්‍රදේශයේදි කුලි නිවසක සැගවි සිටියදි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි .


54 හැවිරිදි සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සැකකරු පිලිබඳව ඉන්දියන් රජය මගින් ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගෙන ඇති අතර වෙන්නපුප්ව පොලිසිය මගින් 2024.09.11 දින මාරවිල අධිකරනයට ඉදිරිපත් කර එයින්ද පලා යාම හේතුවෙන් මාරවිල මහේස්ත්‍රාත්අ ධිකරණයේ විවෘත වරෙන්තු නිකුත් කර ඇත.


පසුව වැඩිදුර විමර්ශනයකින් අනතුරුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.


 

More News..