brand logo
logo
 මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

06 September 2026


මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) යාපනය, කුඩරප්පු වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.


උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීමේ ආයතනය විසින් ඊයේ (05) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


වෙරළ ආශ්‍රිතව නිරීක්ෂණය වූ සැකකටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස අල්ලා ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 673ක තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 51ත් 56ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ප්‍රවාහනයට යොදාගත් යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ

 

More News..