දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
19 October 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
19 October 2026
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක වෛද්ය ජගත් වික්රමරත්න අද (19) සිය සහතිකය සටහන් කර තිබේ.
ඒ අනුව, එම පනත් කෙටුම්පත 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
අදාළ පනත් කෙටුම්පත 2026 අගෝස්තු 19 වැනිදා අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
එහි දෙවැනිවර කියවීමේ විවාදය ඔක්තෝබර් 08 වැනිදා පැවැති අතර, එහිදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත විය.
ඒ අනුව මෙම පනත මගින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්යගත ඉලෙක්ට්රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීම අරමුණු කෙරේ.
මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය.
ඒ අනුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

