Best News Website award
brand logo
logo
බොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල තවත් පහළට

24 November 2026


ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් අද (24) දිනයේ 3%කින් පහළ ගොස් තිබේ.


ඒ, අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 89ක් ලෙස සටහන්ව ඇත.


එමෙන්ම ඇමරිකාව විසින් වෙළඳපොළට සපයනු ලබන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79.84ක් දක්වා පහත ගොස් ඇති බව වාර්තා වේ.


ඊට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.29ක් ලෙස සටහන් වේ.

 

More News..