බ්රසීල ජනපතිවරණයෙන් ලූලාට විශිෂ්ට ජයක්
26 October 2026
බ්රසීල ජනපතිවරණයෙන් ලූලාට විශිෂ්ට ජයක්
26 October 2026
බ්රසීලයේ ජනාධිපතිවරණයෙන් වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්රහණය කර තිබේ.
රටේ මැතිවරණ බලධාරීන් ඊයේ (25) මේ බව නිවේදනය කර ඇති අතර, ඒ අනුව දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී දක්ෂිණාංශික සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජයට පත් කරමින් ලූලා ද සිල්වා මෙම ජයග්රහණය හිමිකරගෙන ඇත.
කෙසේවෙතත් මෙම ජයග්රහණයත් සමඟ ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්රසීලයේ ජනාධිපති ධුරයට තේරී පත්ව තිබේ.

