දකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරුට
28 November 2026
දකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරුට
28 November 2026
දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මියගොස් ඇති දෙදෙනා වයස අවුරුදු 30ක පමණ පසුවන්නන් බව සඳහන් වේ. ඔවුන් සේවා කටයුතු අවසන් කර නේවාසිකාගාරය වෙත පාගමනින් යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.
දකුණු කොරියානු මාධ්‍ය වාර්තාවලට අනුව, අනතුර පසුගිය නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9.10ට පමණ හ්වාසොංහි ජංගන්-මියොන් ප්‍රදේශයේදී සිදුව ඇත.
මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා, ටොන් 7.5ක බරකින් යුත් ට්‍රක් රථයක භාණ්ඩ පැටවීම සඳහා ඇති පිටුපස කොටසින් පිටතට නෙරා තිබූ කොටසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


