brand logo
logo
උසස් පෙළ කල් දාන්නැයි ඉල්ලූ පෙත්සමේ නියෝගය 23වැනිදා ප්‍රකාශයට පත් කෙරේ

උසස් පෙළ කල් දාන්නැයි ඉල්ලූ පෙත්සමේ නියෝගය 23වැනිදා ප්‍රකාශයට පත් කෙරේ

16 July 2026


ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) නියෝග කළේය.


ඒ, විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.


එහිදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

 

More News..