brand logo
logo
ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

22 September 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වී තිබේ.


ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වන 'IRNA' වාර්තා කරන පරිදි, ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත සහ භාරකාර නිලධාරී විසින් පිළිගෙන ඇත.


නිව්යෝර්ක් බලා පැමිණෙන අතරතුර දෝහා අගනුවරද ගොස් ඇති විදේශ අමාත්‍යවරයා, එහිදී කටාර් රාජ්‍යයේ උසස් නිලධාරීන් හමුවී කලාපයේ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක ද නිරත වී තිබේ.

මේ අතර මෙම මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් මහතා ද අද (22) නිව්යෝර්ක් නුවර වෙත පැමිණීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලෝක නායකයින් සහ විදේශීය උසස් නිලධාරීන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

More News..