brand logo
logo
බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී තරුණයකු ජීවිතක්ෂයට

බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී තරුණයකු ජීවිතක්ෂයට

13 September 2026


අනුරාධපුර සාලියපුර ප්‍රදේශයෙහි සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


අද (13) පෙරවරුවේ යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ යතුර පැදියේ ගමන් ගත් තරුණයාය.


යතුරුපැදිකරු විසින් බස්රථය පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිකරු හිස් වැසුම් පැළඳ නොසිටි බවත් පොලීසිය සඳහන් කරයි.


අනතුරින් මියගොස් ඇත්තේ අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදී විවාහක තරුණයෙකි.


බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලීසියේ රථවාහන අංශය විසින් සිදු කරනු ලබයි.

 

More News..