වනඅලි ප්‍රහාරයකට ලක්ව දෙදෙනෙකු ජීවිතක්ෂයට
05 September 2026
වනඅලි ප්‍රහාරයකට ලක්ව දෙදෙනෙකු ජීවිතක්ෂයට
05 September 2026
කැබිතිගොල්ලෑව, උස්ගොල්ලෑව ප්‍රදේශයේ දී එකම පවුලේ ඥාතීන් දෙදෙනෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පහල උස්ගොල්ලෑව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි 67 හැවිරිදි දෙදරු පියෙකු සහ ඔහුගේ සහෝදරියගේ පුතා වන 51 හැවිරිදි සිව්දරු පියෙකි.
අදාළ පුද්ගලයින් දෙදෙනා කුඹුරු එළි පෙහෙලි කරමින් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
කැබිතිගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

