Best News Website award
brand logo
logo
 භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගී නෞකාවක ගැටී දරුණු අනතුරක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගී නෞකාවක ගැටී දරුණු අනතුරක්

14 November 2026


ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් නගරය ආසන්නයේ මිසිසිපි ගංගාවේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගී කෲස් නෞකාවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.


ඇමරිකන් හෙරිටේජ් නම් කෲස් නෞකාව සහ අත්ලාන්තික් ඇස්ෆල්ට් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව මෙලෙස ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


නිව් ඕර්ලියන්ස් ප්‍රදේශයේ නැංගුරම්ලා තිබූ කෲස් නෞකාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.


අනතුරින් පසු කෲස් නෞකාවේ සිටි පුද්ගලයින් 32 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.


සිකුරාදා දහවල් කාලයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ පාලනය ගිලිහී යාමෙන් එය මගී නෞකාවේ ගැටී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.


ගැටීමත් සමඟ මගී නෞකාව පෙරළී ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් සිට ඇති බව ද වාර්තා වේ.

 

More News..