brand logo
logo
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයේ අපේක්ෂකයා අනිද්දා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයේ අපේක්ෂකයා අනිද්දා

29 July 2024 | සාලිය කුමාර ගුණසේකර



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය ලබා දෙන ජනාධිපති අපේක්ෂකයා කවුදැයි අනිද්දා (31 වැනිදා) හෙළිකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවැසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස්වලට කැඩී නොමැති බවත්, දැන් තිබෙන්නේ නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඔහු කීවේය.


“මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය පළ කරන ජනාධිපති අපේක්ෂකයායි. ඒ ගැන අපි 31 දා මුළු රටටම කියනවා. ඒ වගේම මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ නොහැකියි. මොකද අපේ පක්ෂයේ හිටපු සභාපති මේ පක්ෂය විනාශ කරලා ගියා. ඒ නිසා රටේ වත්මන් ගැටලු විසඳිය හැකි, දැක්මක් ඇති, පළපුරුදු අපේක්ෂකයෙක් යැයි රටම පිළිගන්නා අපේක්ෂකයකුට අපි සහයෝගය ලබා දෙනවා.


ඒක තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව. අපි තනි පුද්ගලයන් වශයෙන් තීන්දු ගන්නේ නැහැ. අපි තීන්දු ගන්නේ පක්ෂයක් වශයෙන්’’ යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

 

More News..